TamilSriLankaEnglish (UK)

හැදින්වීම

සේවයේ යෙදී සිටින අවස්ථාවේදී සිදුවන අනතුරු සමිබන්ධයෙන් වන්දි අයකර දිම, සඳහා 1934 අංක 19 කම්කරු වන්දි ආඥා පනත යටතේ ස්ථාපිත ආයතනයකි. සිවිල් හා මහේස්ත්‍රාත් බලතල ඇති වන්දි කොමසාරිස්වරයාගේ මුලික කාර්ය භාරය වනුයේ 2005 වර්ෂයේ අවසන් වරට සංශෝධිත 1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත ක්‍රියාවට නැන්විමයි. එම ආඥා පනතේ අරමුණ වන්නේ රැකියාවේ යෙදී සිටිය දී සිදු වන අනතුරු වලින් තුවාල ලබන එසේ නැතහොත් යෙදී සිටින රැකියාව හේතු කොට ගෙන වැළදුනු රෝග වලින් පීඩා විදින සේවකයන්ට හා එබදු අනතුරු වලින් මිය යන සේවකයන්ගේ යැපෙන්නන්ට අදාල සේවා යෝජකයන්ගෙන් වන්දි මුදල් අයකර දීමයි.

දැක්ම

ආපදාවකට හෝ මරණයකට හෝ පත්වන සේවකයින් වෙනුවෙන් සේවා යෝජකයන්ගෙන් අප්‍රමාදව වන්දි මුදල් අයකර දීම මඟින් සේවක තෘප්තිය ඇති කිරීම.

මෙහෙවර

රැකියාවේ යෙදී සිටීම හේතුකොට ගෙන ඇති වූ අනතුරු, මරණ හෝ රෝග පීඩා සම්බන්ධයෙන් සේවකයින්ට හෝ ඔවුන්ගේ යැපෙන්නන්ට නියමිත වන්දි මුදල් අයකර දීමට කටයුතු කිරීම සඳහා උසාවි ක්‍රියා මාර්ග ගැනීම සහ උපදෙස් දීම.