ප්රකාශිතව හෝ ව්යයගිතව යම් සේවායෝජකයෙකු සමඟ සේවා ගිවිසුමකට ඇතුලත් එම සේවා යෝජකයාගේ ව්‍යාපාර කර්මාන්ත හෝ වෙළදාමේ වැඩ කරන අය වේ. මේ සඳහා ආධුනිකයින් ද ඇතුලත් වේ.
එසේ වුවත් යම් හමුදා නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු කම්කරුවා යන අර්ථ නිරුපනයට ඇතුළත් නොවේ. එහෙත් එම ආයතන වල සිවිල් තත්වයේ කටයුතු කරන්නන් කම්කරුවන් ලෙස සැලකේ.
අනතුරින් හානියටපත් සේවකයා විසින් හෝ අනතුර හේතුකොටගෙන සේවකයා මියගොස් ඇත්නම් ඔහුගේ යැපෙන්නකු විසින් හෝ අනතුර පිළිබදව සේවා යෝජකයාට දැනුම් දිමෙන් පසුව අනතුර සිදුවී වසර 2ක් ඇතුලත පහත අකෘති මගින් කම්කරු වන්දි කොමසාරිස්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුයි.
මාරක නොවන අනතුරක් වු විට "ඒ" අකෘතිය සමඟ සුඳුසුකම් ඇති වෛද්‍යවරයකුගෙන් ලබා ගත් වෛද්‍ය සහතිකය ("එස්" ආකෘතිය)
මාරක අනතුරක් වු විට "බී" අකෘතිය සහ මරණ සහතිකය මගින් ඉල්ලීමක් ඉදිරිපත් කල යුතුය.