TamilSriLankaEnglish (UK)

වන්දි ගණනය කිරීම

කම්කරු වන්දි තීරණය කිරිමේ දී අදාල කම්කරුවාගේ සමාන්‍ය මාසික වේතනය සහ සිදු වී ඇති දුබලතාවයේ ප්‍රතිශතය අනුව පහත සඳහන් වගුව ආශ්‍රයෙන් වන්දි ගණනය කරනු ලැබේ.

මාසික චේතනය

මාසික චේතනය
(i)
සේවකයෙකුගේ මරණයකදී
(ii)
සේවකයකුගේ ස්ථීරල සම්පූර්ණ අබලතාවයකදී (100% අබලතාවයකදී)
(iii)
සේවකයා තාවකාලිකව අබලතාවයට පත්වීමකදී වන්දි වශයෙන් අර්ධ මාසික ගෙවීම් (දින 15 කට)
රුපියල් රුපියල්
රුපියල් රුපියල්
0-2 - 2,500 181,665.00  196,083.80  1,320.00
2,501 - 5,000 258,640.80  295,075.00  1,804.00
5,001 - 7,500 330,968.00  351,461.00  2,186.80
7,501 - 10,000 407,427.90  444,494.60  2,733.50
10,001 - 12,500 478,495.60  519,593.80  3,231.80
12,501 - 15,000 522,495.60  550,000.00  3,561.00
15,001 - 17,500 549,631.50  550,000.00  3,890.70
17,501 - 20,000 550,000.00  550,000.00  4,221.80
20,000 - හෝ ඊට වැඩි 550,000.00  550,000.00  5,500.00


මරණයක දී නම් (i) හි සඳහන් වැටුපට අනුරුප වන්දි මුදල යැපෙන්නන්ට ගෙවනු ලබේ. අනතුරක දී නම් (ii) හි සඳහන් වැටුපට අනුරුප වන්දි මුදල දුබලතාවයේ ප්‍රතිශතය අනුව ගණනය කර බලා ගෙවනු ලැබේ. (ii) හි සඳහන් වන්නේ 100% ක දුබලතාවයක දී ගෙවනු ලබන වන්දි මුදලයි. තාවකාලික අබාධයක දී (iii) හි සඳහන් වැටුපට අනුරුප වන්දි මුදල සෑම දින 15 ක කාලයක් සඳහා ගෙවනු ලැබේ.